විසකලා මම
වියරු මුහුදට
පෙර දිනක ඔබ අත පැතූ මම
අලුත් වසරක
ඔබව නොපතමි.
ගිලන් වූ හිත
හැරදමා යමි ....
ආත්ම ගානක් අතීතයට යන්න හැකි උනා නම් මට හදාගන්නව මේ තරමටම විදවන පාපකර්මය මම.ඒත් එහෙම කරන්න අපිට පුලුවන් කමක් නැහැ.ජීවිතේ හුගාක් ගැටලු මතුවෙනකොට සමහර දේ හදාගන්න පුලුවන් කමක් තිබුනත් සමහර දේ නොහැකි වෙනව කරපු පින් පව් අනූව.මේ ආත්මයෙන් පස්සේ මම පතන්නෙ නැහැ “ඔයා උපදින හැම ආත්මයකම මගේ වෙන්න ඕනෙ කියන සිතිවිල්ල.මට මේ තරමටම බැදීම් පුරවගෙන තවත් අඩ අඩා කල්ප ගනනක් ගත කරන්න උවමනාවක් නැහැ. මාව උපද්දවපු අම්ම තාත්ත පවා.. මම ආදරේ කරන්නෙ හිතෙන්,මතු ඔබ මා හමු වෙවායි මන් පතන්නෙ නැහැ.මෙහෙම කිව්වත් ඔයාට හොදින් හිතන්න ශක්තියක් තියෙනව නම් ඔයත් තේරුම් ගනීවි.
නොලියපු කාලයෙ ලැබුනු දිරිමත් කිරීම් දැක්කම හුගාක් සතුටු හිතුන.රස්සාව නම් නැති උනා.ඒත් හිතේ ආත්ම විශ්වාසය නවත්තන්න හොද නැහැ කියල දැනුන නිසාවටම අමාරුවෙන් ආපහු මගේ නිවහන මගේ බ්ලොග් එක බලන්න ගොඩ උනා.නැති කාලයෙ ඔලුව දාල ගිය හැමෝටම පින්.තාමත් මම මේ බ්ලොග් කරනයට ආදුනිකයි.හුගක්ම.මන් මේ බ්ලොග් එක විසිතුරු කරන්නෙ කොහොමද කියලවත් දන්නෙ නැහැ.මට නිතරම ලොග් වෙන්නත් අමාරු ලොග් වෙන හැම මොහොතකම මුදල් හදල් අවශය නිසා.