හුගක් කාලෙකට පස්සේ ලියන්න ආවෙ මේ පැත්තට.වැඩ ගොඩක හිර වෙලා. ජීවිතේ කලකිරිල ඉන්නකොට හිනාවක් උපද්දපු කිසිවක්ම ලග ඉතිරි වෙලා නැහැ.ඔෆීසියෙ මිතුරියන් 2න්නෙක් ඇරෙන්න කවුරුත්ම නැහැ කොහොමද අහන්න. හ්ම්.. සුසුමක් පිට කරල මන් ඉන්නව.
කවියක් මතක් උනා මට ....
" එපා කිසිවිට උඩගු වන්නට
එයින් යහපත මැකෙනවා ...
එපා කිසිවිට කෝප වන්නට
ඔබේ හොද ගති නැසෙනවා....
එපා කෙනෙකුට දුකක් දෙන්නට
එයින් හදවත් රිදෙනවා ....
එපා ආශා පොදි බදින්නට
මැරෙනවා අපි මැරෙනවා .... "
මන් ආසම ඔය කවියෙ " එපා කිසිවිට කෝප වන්නට එයින් හදවත් රිදෙනවා " කියන වචන දෙකට .
කාලය අඩුයි. වෙලාව කෙටියි. කෙටි වෙලාවෙ මකුලු දැල් බැදුනු බ්ලොග් එක පැත්තෙ ආව.
ආව සැනින් යනව .... රස්සාව වැට උඩ .. කොයි වෙලේ නවතින්න කියයිද දන්නෙ නැහැ.. ..... ..... ලියන්න හුගක් දේ තිබුනත් .................... අනේ මට මහන්සියි .