Friday, June 7, 2013

ජීවිතය ඉතින් අපේ



ජීවිතය ඉතින් අපේ
සිහිනයක් නොවේ ...
හෙට උදේම අවදිවී
යායුතුව තිබේ ...

Friday, March 29, 2013

රැගෙන යන්න ඉක්මනින් පැමිනෙන්න

ගැහෙන හදවතින් යුතුව මම ඔබට ලියමි..

ඉරනම කරුනාකර මට අමතන්න..යටගියාවේ සීතල මතකය සමග පොරබදින මිනිසුන් නිදන,,ඒ බිමට මමද එක්වන දවස පවසන්න..හඩන්න ඉකිබිදින්න අකමැති නිසාවට කිසිවෙක්ම,,මා මෙන්ම මා ආදරය කරන උන්ද රැගෙන යන්න ඉක්මනින් පැමිනෙන්න ..එතෙක් ගල් කරන් උන් හිත එලෙසින්ම තියා ඉන්නට පොරොන්දුවක් වෙන්නම් නුබට ... සීතල උවද කටුක මතක සටහන් මකා දමන්නට පෙර අවසරයි පවසන්න " ආදරෙයි මම තවම අතීතෙට "
වියලී ගිය කටු ඉබුල් පදුරු අතරින් හමන දූවිලි රැදුනු සුලග .. අව්කාශ්ටකේ උවද වැව් බැම්ම මත දිගහැර ගිල දැමූ බත් පතක් මතක් වන විට දුවන්නට සිතෙයි නැවතත් නොඑන්නට මිනීවල තෙක්ම..එහෙව් සුලගේ වුවද අපූර්වත්වයක් දුටු එකමෙක පැතුමක් පුරන දෙනෙත් හමුවේවිද නැවතත් එකට ... ගිලිහී යන්නටම.
මතක හසරැල්ලක් විටෙක මවන.විටෙක කදුලකි දෙනෙත් තෙමන කොහේ සිටීවිදැයි කියන්න විහග ගී ගයන කොව්ලන්..හෙමි හෙමින්
එකිනෙක පැතුම් මුමුනන දුක සැප බෙදා ගත් සිටීවිද කොහේ මිතුරන් කවටකම් කල පෙර දවස.අරමුනක් නොමෙතිව ලියවෙන මෙවන් ලිපියකින් කුමන ඵල සිතේ ඇති කලබලය දුක මකා ගැනුමම හැරෙන්නට.

දහවලක් ගෙවුනද පෙරදා මෙන් කුසගිනි නොදැනෙන හදුනාගන්නට නොමැත කිසිවෙක් මසිත මමත්වයම හැරෙන්නට..දුකට පිලියම බැදීම් අවම  කිරීමයැයි බුදුන් දෙසූ වදන් සැබෑ බැව් පසක් වන්නට තනිවන්නටම අවැසි විය නොවෙද මසිතට.  .අනේ ගිහිගෙයින් ලාබාල අකුරු ඇහිදින මසිත..මතු කරපන් තනිවම දාර්ශනිකයන් සෙවූ ගන්දබ්බ සිත .... තනිවීම නැවතත් ඇරබීය ......ලියාපන් පෙර ලිව් .... ගැබුරු පොත .....



Thursday, January 17, 2013

ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනි කරන්නෙපා මතු සංසාරේ ..

"ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ "

අද උදේ ඉදන් මේ ගීය මම මුමුනමින් ... මට කියන්න ඕනෙ ඒ ටිකයි. මේ බැදීම්, ආදරේ, මිතුරුදම් දවසක ගිලිහිලා ගියත් මතු ආත්මයක මම තනි වෙන එකක් නෑ. ඒත් මම කලින් කිව්ව වගේ මම ඔයා මගෙමයි වෙන්න ඕනෙ මතු ආත්මෙ" කියන එක නම් කියන්නෙ නෑ.මොකද මගෙ අරමුන බැදීම් එක්ක ඉදිරියට යන්න නෙමෙයි,දර්මය එක්ක ඉදිරියට යන්න. මම ආත්මාර්ථකාමී කියල හිතේවි. ඒත් කමක් නෑ.මාව හුගක් ලගින් ඇසුරු කරන කෙනෙක් මාව දාල යනව නම් යන්නෙ පුදුම ලෝබ කමකින්,මම ඒක දන්නව :)
කවියක් මතක් උනා ....

" කලකම් පෙලෙනවා හැම මොහොතක් පාසා
ඒකෙන් පනින්නට නැත කාටත් වීසා "
කෙටි කවියක් තමයි,ඒත් ඒක අර්ථවත්. මම ලියල මම ම අර්ථවත් ලු. මම නම් මහ මැට්ටියෙක්....

අවුරුදු ගානක් ගත වෙලා....

අවුරුදු ගානක් ගත් වෙලා ගිහින්. හිතපු විදියටම අහම්බෙන් මගෙ බ්ලොග් එක හම්බ උනා මට, ලියන්න හිතුනා ආයෙමත් මගෙ තනිය යන්න. අද මගෙ තනියට පුන්චිම පුන්චි බලු කුක්කෙක් ඉන්නව ... ඒ මගෙ සුරතල් පුන්චි ටෙඩිය. එයා කොච්චර හුරතල් ද කියනව නම් මොහොතක් වත් මාව තනි කරන්නෙ නෑ. මේ අකුරු ටික ගල පද්දිත් මගෙ පුටුව පිටි පස්සට වෙලා මගෙ තනිය මකනව. අවෘදු ගානකට කලින් බ්ලොග් එකේ ලිව්ව වගේම මට ඒ රස්සාව නැති උනා. අර ලගින් ඉන්නව ක්ඉයපු යාලුවො දෙන්නත් නැති උනා. කොහොමත්ම හිතපු නැති හුගක් ආස කරපු හිතෙන් ගොඩක් ලන් වෙච්ච අය මට අඩුයි,හුගක්ම මාව තේරුම් ගැනීම අපහසුයි කියල තමා හැමෝම කියන්නෙ නම්. අනේ මන්ද... මට අනිත් හැමෝවම තේරෙද්දි... කෙනෙක්ගෙ දුක තේරෙද්දි ඇයි මට එහෙම කියන්නෙ කියල නම් හිතා ගන්න මට බෑ. .. මම බ්ලොග් කරණයට තවමත් ආදුනිකයි, මොකද මට උවමනා උනේ නෑ මේක විසිතුරු කරන්න වත් අනේ මේක බලන්න කියල බලෙන් කියවන්න වත්.මම මේ ලියන්නෙ මටමයි. මගෙ හිතටමයි. කැමති කෙනෙක් ඉන්නව නම් බැලුවට කමක් නෑ.ඒත් මම බල කරන්නෙ නෑ....
"මම නුඹමෙන් මුතු බෙල්ලෝ
මුතු තනන්නෙ නෑ
මුතු ඇටයක් හිතේ තියන්
දුක් වින්දෙත් නෑ...
මහ සාගරයක් වාගේ
දැනුමක් මට නෑ...
මුතු බෙල්ලෙක් වගේ වෙන්න
කවදාවත් බෑ ... "