Wednesday, June 1, 2011

මටම නැවත බල බලා සතුටු වෙන්න පුලුවන් කමක් ලැබේවි

නොලියපු කාලයෙ ලැබුනු දිරිමත් කිරීම් දැක්කම හුගාක් සතුටු හිතුන.රස්සාව නම් නැති උනා.ඒත් හිතේ ආත්ම විශ්වාසය නවත්තන්න හොද නැහැ කියල දැනුන නිසාවටම අමාරුවෙන් ආපහු මගේ නිවහන මගේ බ්ලොග් එක බලන්න ගොඩ උනා.නැති කාලයෙ ඔලුව දාල ගිය හැමෝටම පින්.තාමත් මම මේ බ්ලොග් කරනයට ආදුනිකයි.හුගක්ම.මන් මේ බ්ලොග් එක විසිතුරු කරන්නෙ කොහොමද කියලවත් දන්නෙ නැහැ.මට නිතරම ලොග් වෙන්නත් අමාරු ලොග් වෙන හැම මොහොතකම මුදල් හදල් අවශය නිසා.
හිර කූඩුවක ලැගුම් ගත්තු හිර කාරයෙක් වගේ කතා බහට කවුරුත් නැතුව ඉන්න ගියාම හිතට එන්නෙ අමුතුම අදහස්.මේ බ්ලොග් එක මීටවැඩිය ප්‍රයෝජනයක් ලැබෙන බ්ලොග් එකක් කරන්න හිතට එනව.නොකා නොබී මේ අමුනන අකුරු මුතුකැට නම් වෙන එකක් නැහැ.ඒත් දවසක මටම නැවත බල බලා සතුටු වෙන්න පුලුවන් කමක් ලැබේවි බ්ලොග් එක දිහා..

5 comments:

  1. රස්සාව නැති උනා ඒ ඇයි ? බ්ලොග් එක ආයෙමත් අරඹන්න හිතපු එක නම් ගොඩක් හොඳයි

    ReplyDelete
  2. දුක් විඳින කාලෙට ලියවෙන ඒවා වඩා ලස්සනයි ..හරියට ලෝකේ ලස්සනම ගීත විරහ ගී වගේ .

    කොළ කෑල්ලක ලියා තියන්න . ලොග් වෙච්ච වෙලාවට බ්ලොග් ගත කරන්න.

    ReplyDelete
  3. බ්ලොග් ලිවිල්ල හරිම රසවත් ඒ වගේම හිතේ තියෙන අදහස් කියන්න කෙනෙක් නැත්නම් එහෙමත් නැත්නම් දන්න කෙනෙකුට කියල හිත නිදහස් කරගන්න බැරිවෙච්ච ප්‍රශ්න මේ නිවුනු සැනසුනු හිස් බ්ලොග් අවකාශෙ පාකරල යවන්න. හිතට එන ඕන දෙයක් ඔයාගෙ බ්ලොග් එකේ කියල දාන්න. අපි අහගෙන ඉන්නම්.

    ReplyDelete
  4. ස්තූතී සියලු දෙනාටම.... පින් ...

    ReplyDelete
  5. @ හිස් අහස ... රස්සාව නැති උනේ හොද කුනු වැටෙන්නෙ කුනු ගොඩවල් වලට නිසාවට ... මල් පිපෙන්නෙ මල් උයනක නිසාවට.ඒක කුනු ගොඩක් බව වැටහෙන්නෙ දැන් මට ...

    ReplyDelete