රාමා සීතා ආදර කතාවෙ සීත වෙන්න නම් මට කොහොමත් බැහැ තමයි.මෙච්චර ආදරේ කරල වෙනම මගක යන මමත් ඔයත් අතර අහස පොලව වගේ දුරක් දැන් ඇති වෙලා. මැණිකක් අමතක කරන්න කාටත් අමාරුයි.ඒත් දලo කෑල්ලක් විසිකරන්න ඕනම කෙනෙකුට පුලුවන්.දලo කෑල්ලක් උනත් ඔප දැම්මොත් අල්ලන්න පුලුවන්නෙ රිදී මුද්දකට.ඔන්න ඔයාට ඒක අමතක උනා.කදුලු ගගක් තරම් අඩන්න දැන් නම් මම මෝඩයෙක් නෙමෙයි වස්තු. රාම ඒත් සීතව සැක කලා.එච්චර ආදරේ කරපු සීතවම. සීතට මේ සැක කිරීමත් එක්ක දැනුන දුක ඔයාටත් දැනුන නම්.කීයටවත් හිතන්නේ නැහැ දලo කෑල්ලක් කියල ඔයාගෙ මැණික් කැටේ.අහන්න එපා මගෙන් කවි ලියන්නෙ ඇයි විකාර කරන්නෙ ඇයි කියල.හැම මැණිකක්ම එක වගේ පැහැයෙන් දිලිසෙන්නෙ නැහැ නෙ ....
කියවන ඔයාලගෙන් ඉල්ලන්නෙ,සම කරන්න එපා කවදාවත් ඔයාගෙ ආදර කතාව රාම සීත කතන්දරයට.කවියො ලිව්වත් රචකයො ලිව්වත් සිත්තරු ඇන්දත් රාම සීතව සැක කලා......
කාටද පුලුවන් තමන්ගෙ ආදර වන්තිය වැරැද්දක් කලා කිව්වොත් සමාව දෙන්න නේද ? .. ඒත් කලා කිව්ව පලියට හොයන්නෙ බලන්නෙ නැතිව රාම වගේනම් වෙන්න එපා ඔන්න .....
Wednesday, December 29, 2010
Monday, December 13, 2010
Friday, December 10, 2010
හිතා ගන්නත් බැහැ ...

හිතන්නට හිතක් නැත..
නමුත් මට ලියන්නට
හිතක් ඇත ඉඩක් නැත... "
කවදාක කොයි මොහොතක මම නිහඩ වෙයිද ? ... හෙට සමහර විට නොලියාවි මම.මට හයියක් කියල එකම හයියයි තියෙන්නෙ. ඒ ඔයා.මේ බ්ලොග් එක කියවන ඔයා තමයි මගෙ ශක්තිය...
ඒ නිසාවටම මොරසූරණ වැහිකෝඩෙටත් මම office එන්නම් ඇවිත් බ්ලොග් එක ලියන්නම්,කවදාක හරි කියවන්න. එදාට ඔයාට වැටහේවි මම කොයිතරම් හිතුවද වසත් කාලය ගැන කියල.
Thursday, December 9, 2010
අනාගතය ......
බලන්න පුන්චි තරු කැටේ...
හිතන්න හුගක් දේ තියෙනව ඔයාට.දැන් ඔයා අදුරනව ටිකක් විතර මිනිස්සුන්ව,
කලින් බැරි උනානෙ ටිකක් වත් අදුන ගන්න. අඩන්න එපා මොහොතක්වත්,මදුරුවෙක් වත් නොමරන ඔයාට වරදින්න කොහොමත් ඉඩක් මේ කාලෙ තිබ්බත් ඉදිරියට නැහැ.දන්නවද මිනිස්සු ඇයි අනුන් ගැන වැරදි අඩුපාදු හොයන්නෙ නොකියන දේ නොකරන දේ කලා කියන්නෙ කියලලැඅ මිනිස්සුන්ගෙ අඩුපාඩු වහගන්න.එයාල ලග නැති යමක් ඔයා ලග තියෙන බව ඒ මොහොතට හිතන්න, කෝ දැන් හිනා වෙන්න,මේ රස්සාව නැති උනා කියල ඔයාට ජීවිතේ නැති වෙන්නෙ නැහැ නෙ.... අප්පච්චි කියන දේ මතකයි නේද මැණික..ඔයා දක්ශතා ගොඩක් තියෙන නිදානයක් .... මොනවද අඩු ඔයාට... එක එක මිනිස්සු කතා කිව්ව රස්සාව නැති කලා කියල තැවෙන්න එපා මැණික.....
ඔයා ඔයාටම කතා කරන්න.දවස ගානෙ කතා කරන්න.ඔයා ඔයා එක්කම හිනා වෙන්න,මතක් කරන්න ඔයා මැරෙන්න ගිහින් බේරගත්තු ජීවිත තියෙනව හුගාක් අනිත් මිනිස්සුන්ට උදව් කරල තියෙනව කියල.
හැමදාම මුලු හිතින්ම හොදට තමන්ගෙ ආගම අදහන බව මතක් කරල උපරිම සතුටු වෙන්න.....
හැමදාම ලෝකෙ කවුරු කොහොම හැසිරුනත් ඔයා මැණිකක්ම වෙන්න.....
බොහොම කලාතුරකින් ඉපදුනු ... ඇත්තටම දිලිසෙන .......
හිතන්න හුගක් දේ තියෙනව ඔයාට.දැන් ඔයා අදුරනව ටිකක් විතර මිනිස්සුන්ව,

ඔයා ඔයාටම කතා කරන්න.දවස ගානෙ කතා කරන්න.ඔයා ඔයා එක්කම හිනා වෙන්න,මතක් කරන්න ඔයා මැරෙන්න ගිහින් බේරගත්තු ජීවිත තියෙනව හුගාක් අනිත් මිනිස්සුන්ට උදව් කරල තියෙනව කියල.
හැමදාම මුලු හිතින්ම හොදට තමන්ගෙ ආගම අදහන බව මතක් කරල උපරිම සතුටු වෙන්න.....
හැමදාම ලෝකෙ කවුරු කොහොම හැසිරුනත් ඔයා මැණිකක්ම වෙන්න.....
බොහොම කලාතුරකින් ඉපදුනු ... ඇත්තටම දිලිසෙන .......
Wednesday, December 8, 2010
ආසාවෙන් කරපු රස්සාවට නැවතීමේ තිත වැටෙයි ද ?

කේලම් කියල කිසිම වැරැද්දක් නොකරපු මගෙ රස්සාව නැති කරල මොනවද ලැබෙන්නෙ මේ මිනිස්සුන්ට,
දෙවියනේ මට මගෙ හිත හොද වැඩී... මගෙ රස්සාවට මම ආදරෙයි.
මම මේ රස්සාව කරන්නෙ විනෝදාoශයක් විදියටයි.ඒක නැති කරන්න එපා...... කුරිරු කම් කරන්න මිනිස්සුන්ට ඉඩ දෙන්න එපා දෙවියනේ .....
මෙහෙමත් මිනිස්සු

ආදරේ ගැන ......
හුගාක් බලාපොරොත්තු හුගාක් ගොඩ නොනගපු අපූරු ආදර කතා තියෙනව.ඒ අතර මම මේ කියන කතාවත් ඒ ගොඩටම වැටෙනව.. " මම අදුරන අක්ක කෙනෙක් හිටිය.මේ අක්ක නටන්න හරිම දක්ශයි.අපේ school එකෙ මේ අක්ක බොහොම ප්‍රසිද්ධ චරිතයක්,මෙයා හුගාක් ලස්සනයි.කොන්ඩෙත් හුගාක් දිගයි.ඒ අක්ක නොහිටපු උත්සවයක් අපේ school එකේ තිබුනෙ නැහැ.school එකෙන් මෙඩිකල් කොලේජ් එකටත් එයාව තේරුනා. එයා marry කරන්න කතා කරල තිබුන හොද අයියා කෙනෙක්.. හදිසියෙ මේ අක්කට අසනීප උනා. .......
මේ අක්කට cancer එකක් තියෙනව කියල කිව්ව... ලස්සනට තිබ්බ කොන්ඩෙ මාසෙන් ගියා... hospital එකට ඒ අයියා ගියාම ඒ අක්ක කිව්වලු මාව බදින්න එපා ඔයා හොද කෙනෙක් හොයල මගෙ ඇස් ඉදිරිපිටම බදින්න කියල.. අයියා සතියකට පස්සෙ hospital එකට registar කෙනෙක් ගෙන්නල ඒ අක්ක මැරෙන බව දැන දැනම marry කලා.marry කරල සතියකින් අර අක්ක නැතිඋනා.... තාම ඒ අයියා තනියම,ඒ අක්කගෙ පව්ලෙ අය බලාගෙන ඉන්නවා..... හුගාක් බලාපොරොත්තු ගොඩනගල පස්සෙ අයියා තනි උනා...... තවම තනියම .....

Tuesday, December 7, 2010
හොදටම වැස්ස... කැස්ස හැදිල හුගක්ම අමාරුයි. කාටත් ප්‍රයෝජනයක් නැති වේවිද මගෙ බ්ලොග් එක මට එහෙමත් හිතෙනව ඒ කොහොම උනත් මම මෙ බ්ලොග් එක දිගටම ලියනව. නැවතෙන දවසක් ඒවි.ඒ වෙනකල්ම මම දිගටම ලියන්නම්.
"office එකේ එක එක්කෙනා අඩු වෙනව ඒ අතරට අලුත් මුහුණු එකතු වෙනව.
හමුවීම වෙන්වීම හිතත්දි හිතට දුකයි."
හමුවීම වෙන්වීම හිතත්දි හිතට දුකයි."
මිනිස්සු විවිදාකාරයි කියල දැනෙද්දිත් හිතට දුකයි.
"ජීවිත රගමඩලක එලිදක්වන
හමුවන වෙන් වෙන
නැවතුම් පොල මෙය.
ප්‍රේමය කදුලක
සතුටු මිරිගුවක
විටෙක ගිල්වෙනා
නැවතුම් පොල මෙය ..... "
හිගන අත්දැකීම ....
කැටයම් කරපු හීන අතරට මුලින්ම මම ලියන්නම් මෙන්න මෙහෙම...
"කිසිම අදහසක් නැහැ මගෙ බ්ලොග් එක මෙහෙම වෙන්න ඕනෙ කියල එකම අරමුණ හිතට එන හැමදේම ලියන එකයි. මගෙ අත්දැකීමක් මේක ....
"දැන් අවුරුදු 4කට කලින් පොඩි කතන්දරයක් මේක.දවසක් මම තාත්තා එක්ක පන්ති යනව.හිටිය පාර අයිනෙ හිගන මිනිහෙක් රෝද පුටුවක වයසක සීයා කෙනෙක්. මට මේ සීයා දැක්කම ගොඩක් දුක හිතුන.එදා හොදටම වැස්ස.සීයා අමාරුවෙන් අයිනකට වෙලා නොතෙමි ඉන්න ලොකු උත්සාහයක් ගන්නව. දවල් 1ට කිට්ටු කරල වෙලාව.මන් අඩන්න ගත්ත එතනින් නවත්තන්න කියල.තාත්තා ඒ වෙද්දිත් සීයව පහුකරල ඉවරයි.ඒ මදිවට මට පන්තියටත් පරක්කු වෙලා හොදටම.ඇඩිල්ල නවත්තන්න ඕන නිසාම තාත්ත ආපහු හිගන සියා ඉන්න තැනට හැරෙව්ව.මට හුගක් සතුටු හිතුන. මම වාහනෙන් බැහැල තාත්තගෙන් රුපියල් 100ක් ඉල්ලල අර සීයට දුන්න.දුන්නම අර සීය බොහොම සතුටෙන් 100ය බාර ගත්ත.වාහනෙට නැග්ගත් මට ඕන උනා ඒ සීයා මොකක්ද කරන්නෙ බලන්නන.ඒ සීය අමාරුවෙන් අමාරුවෙන් රෝද පුටුවෙන් එතනම තිබුනු කඩයකට ගියා.මම සතුටු උනා කඩයට යන්නෙ බත් පාර්සලයක් ගන්න වෙන්න ඇති කියල..
සීය කඩේට ගිහින් එලියට ආවෙ සිගරට් එකක් බිබී ....
අනේ මට හිතිච්ච දෙයක්..
මේ වගෙ හිගන අත්දැකීම් නම් මට බොහොමයි.හේතුව මම එයාල පස්සෙ මොකද කරන්නෙ කියල බලන් ඉන්නව ඈතකට ගිහින්.
"කිසිම අදහසක් නැහැ මගෙ බ්ලොග් එක මෙහෙම වෙන්න ඕනෙ කියල එකම අරමුණ හිතට එන හැමදේම ලියන එකයි. මගෙ අත්දැකීමක් මේක ....

සීය කඩේට ගිහින් එලියට ආවෙ සිගරට් එකක් බිබී ....
අනේ මට හිතිච්ච දෙයක්..
මේ වගෙ හිගන අත්දැකීම් නම් මට බොහොමයි.හේතුව මම එයාල පස්සෙ මොකද කරන්නෙ කියල බලන් ඉන්නව ඈතකට ගිහින්.
කිසිම දිනයක බ්ලොග් එකක් නොලියපු මම හිස් අහසගෙ බ්ලොග් එක බලල අදහස් කලා බ්ලොග් එකක් ලියන්න ...
අත්දැකීම් සමුදායකට පුලුවන් ලස්සන බ්ලොග් එකක් ලියන්න.ඒ අදහස ආවේ හිස් අහස බ්ලොග් එක බලලා ඉවර උනාමයි.
අදහස් මගෙමයි.කොහෙන්වත් හොයා ගත්තු කවි ලියන්න මම උත්සහ ගන්නෙ නැහැ..
මේ "තරු ඇසක් අමා දහරක්" මගෙ උපරිමයෙන් ලියන්න උත්සහ ගන්නව. අදහසක් දාන්න වෙලාවක් තියෙනව නම්....
කැමතිනම්.... මග අරින්න එපා....
" හිතට එන ඕන දෙයක් ලියන්න.. ගන්න පුලුවන් දෙයක් තියෙනවා නම් අර ගන්න
මගෙ තරහක් නැහැ ......

Subscribe to:
Posts (Atom)